දේශීය

අත්‍යාවශ්‍ය සේවා වලට එල්ල වන බාධාවන් ගැන දැනුම් දෙන්න

(UTV |කොළඹ) – ඇදිරි නීතිය පවතින කාලය තුළ අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන්නන්ට පොලීසියෙන් බාධා එල්ලවන්නේ නම් දැනුම් දීම් සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 1 1 9 හදිසි ඇමතුම් අංකයට හෝ 011 2 44 44 80 සහ 011 2 44 44 81 දුරකථන අංක අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

විශේෂයෙන් තේ දළු, පොහොර සහ අත්‍යාවශ්‍ය සේවාවල නිරතවන පිරිස්  සඳහා ඇඳිරි නීතිය බල නොපාන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ එය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3700 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු වාහන 715ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

Mohamed Dilsad

නවීන් ට ආණ්ඩුකාර ධුරයක්

Mohamed Dilsad

වැඩි ලකුණු රැස් කිරීමේ බලාපොරොත්තුවෙන්, ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අවසන් අදියරේ තරඟ කොළඹ දී

Editor O

Leave a Comment