දේශීය

විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු සඳහා ක්ෂණික අංකයක්

(UTV|කොළඹ) – කොවිඩ් -19 හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සලකා ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය වෙත හෝ දිවයින පුරා පිහිටි පලාත් කාර්යාල, පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණිම වෙනුවට පැය 24 පුරාවට සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකයක් හදුන්වා දී ඇත.

එම අංකය ඇමතීමෙන් අදාල විස්තර හා සේවා ලබාගන්නා ලෙස කාර්යාංශය විගමණික ප්‍රජාවට හා මහජනතාව වෙත දැනුම් දෙයි.

එසේම මේ සදහා කාර්යාල වෙත පැමිණිමෙන් වලකින ලෙසද කාරුණිකව ඉල්ලා ඇත.

Related posts

කම්කරු කාර්යාලයෙනුත් සීමා පනවයි

Mohamed Dilsad

උසස් පෙළ දෙසැම්බර් තෙක් කල් දැමීමට ඉල්ලීමක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment