දේශීය

කොටස් වෙළඳපොල කටයුතු අද සිට පැය 3 කට සීමා කෙරේ

(UTV|කොළඹ) – දින 4 ක් ගණුදෙනු කටයුතු සිදු නොකෙරුණු කොළඹ කොටස් වෙළඳපොල දෛනික කටයුතු අද(20) නැවත ආරම්භ වේ.

කෙසේවෙතත් අද දිනයේ ගණුදෙනු කටයුතු පැය 3 කට පමණක් සීමා කෙරෙනු ඇත.

සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොල කටයුතු පෙරවරු 9.30 ට ආරම්භ කෙරුණද අද එය පෙරවරු 10 ට ආරම්භ වේ.

එමෙන්ම අනෙක් දිනවල පස්වරු 2 .30 දක්වා සිදු කෙරුණු ගණුදෙනු අද දිනයේදී පස්වරු 1 ට නතර කිරීමට නියමිතයි.

කෙසේවෙතත් රජය විසින් ප්‍රකාශයට පත්කල නිවසෙහි සිට සේවය කිරීමේ විධානයන්ට අනුගත වන ලෙසටද කොළඹ කොටස් වෙළඳපොළ සෑම පාර්ශවයකටම දැනුම් දෙයි.

Related posts

අයහපත් කාලගුණයට 20ක් බිලි

Mohamed Dilsad

යළිත් ප්‍රකාශ සටහන් කරගැනීමක් නොවන බව විශේෂ විමර්ශන ඒකකය පවසයි

Mohamed Dilsad

සදුදා සිට දුරගමන් දුම්රිය සේවා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment