දේශීය

කොටස් වෙළඳපොල කටයුතු අද සිට පැය 3 කට සීමා කෙරේ

(UTV|කොළඹ) – දින 4 ක් ගණුදෙනු කටයුතු සිදු නොකෙරුණු කොළඹ කොටස් වෙළඳපොල දෛනික කටයුතු අද(20) නැවත ආරම්භ වේ.

කෙසේවෙතත් අද දිනයේ ගණුදෙනු කටයුතු පැය 3 කට පමණක් සීමා කෙරෙනු ඇත.

සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොල කටයුතු පෙරවරු 9.30 ට ආරම්භ කෙරුණද අද එය පෙරවරු 10 ට ආරම්භ වේ.

එමෙන්ම අනෙක් දිනවල පස්වරු 2 .30 දක්වා සිදු කෙරුණු ගණුදෙනු අද දිනයේදී පස්වරු 1 ට නතර කිරීමට නියමිතයි.

කෙසේවෙතත් රජය විසින් ප්‍රකාශයට පත්කල නිවසෙහි සිට සේවය කිරීමේ විධානයන්ට අනුගත වන ලෙසටද කොළඹ කොටස් වෙළඳපොළ සෑම පාර්ශවයකටම දැනුම් දෙයි.

Related posts

හෙට ඇඳිරි නීතිය ලිහිල් කළත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ධරණීය සංවර්ධනය පිළිබඳ හත්වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වය

Mohamed Dilsad

මීළඟ පෙට්‍රල් නැව එන දිනය

Mohamed Dilsad

Leave a Comment