දේශීය

හෙට ඇඳිරි නීතිය ලිහිල් කළත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි

(UTV | කොවිඩ් 19) – හෙට (28) දිනයේදී ඇඳිරිනීතිය ලිහිල් කරන ප්‍රදේශවල ජනතාවට සිය රැකියා කටයුතු හෝ ස්වයං රැකියා කටයුතු සඳහා නිවෙස්වලින් බැහැරවයාමට බාධාවකින් තොරව අවසර හිමිවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඇඳිරිනීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා නිවෙස්වලින් බැහැරවීමට හඳුන්වාදී ඇති ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය පිළීබඳව අජිත් රෝහණ මහතා කරුණු පැහැදිලි කළේය.
මෙය නීතියක් නොව උපදේශයක් පමණක් බවත් එයට අවනත වෙමින් කටයුතු කරන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම ඇඳිරිනීතිය ලිහිල් කෙරෙන දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන පවත්වාගෙනයාමටද අවසර දී තිබේ.
මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය උපදෙස් තවදුරටත් එලෙසම පවත්වාගෙන යන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 237 දක්වා ඉහළට

Mohamed Dilsad

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි.

Editor O

අදත් ගම්මාන කිහිපයක් හුදකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment