දේශීය

ශ්‍රී ලංකාවට ධරණීය සංවර්ධනය පිළිබඳ හත්වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වය

(UTV | කොළඹ) –  එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කවුන්සිලයේ (UNESCAP) ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත මෙන්ම තායිලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන සමන්තා කේ. ජයසූරිය මහත්මිය ආසියා පැසිෆික් සංසදයේ සභාපති ධුරයට පත්වී ඇත.

ඒ අනුව තානාපතිතුමිය ඉදිරි වසරක කාලයක් සභාපති ධුරය හොබවනු ඇත.

ධරණීය සංවර්ධනය සඳහා වූ හත්වැනි ආසියා පැසිෆික් සංසදය (APFSD) වත්මන් කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් ‘නව යථාර්ථයන්ට’ අනුගතව ප්‍රථම වතාවට අන්තර්ජාලය ඔස්සේ ‘වර්චුවල්’රැස්වීමක් ලෙස මැයි 20 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණු අතර එහිදී ජයසූරිය මහත්මිය හට මෙම පත්වීම ඒකමතිකව හමිවිය.

Related posts

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂකයන් ගණන අඩුකරයි: ආරක්ෂාවට ත්‍රීරෝද රථයකුත් දෙයි.

Editor O

මියන්මාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

Editor O

දුම්රිය වර්ජනයක්…?

Editor O

Leave a Comment