දේශීය

ලොවපුරා කොරෝනා මරණ ගණන 9200 ඉක්මවයි

(UTV|කොළඹ) – චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකරමින් ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය මේවන විට ලොවපුරා රටවල් 176ක ව්‍යාප්තව තිබේ.

මේ වනවිට එම රට වලින් වාර්තා වී ඇති මුළු මරණ ගණන 9,277 ඉක්මවන අතර ආසාදිතයන් ගණන 225,628 කට අධිකයි.

චීනය තුළ කෙරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 3,250කි. ආසාදිතයන් සංඛ්‍යාව 80,928ක් බව විදෙස් වාර්තා පවසයි.

වෛරස ආසාදනයෙන් සුව වූ සංඛ්‍යාව වාර්තා වන්නේ 70,547 ක් ලෙසිනි.

ඊයේ දිනයේ වූහාන් ඇතුළු සමස්ත චීනයේ කිසිදු ප්‍රදේශයකින් ආසාදිතයෙකු වාර්තා නොවීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් කොරෝනා හේතුවෙන් රටක එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ගණන වාර්තා වූයේද ඊයේ දිනයේදීය.

එය ඉතාලියෙන් වාර්තා වු අතර එම මරණ ගණන 475 කි.

Related posts

වනිදු, 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Editor O

සජින්ද වාස්ට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment