Trending Newsඑසැන පුවත්දේශීය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

පෙර වසරේ සහ මෙම වසරේ (2023-2024) තක්සේරු කළ හිඟ බදු ලබන 26 වැනි දාට පෙර ගෙවන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

එහි කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ, එම දිනට පෙර බදු ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින්ට හා සමාගම් වලට කිසිදු දඩ සහනයක් හිමිනොවන බවයි. මෙතෙක් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කර ගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ සහ දේශීය ආදායම් අණ පනත් අනුව නීතිමය කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඔවුන්ට එරෙහිව 2025 වසරේ ජනවාරී මාසයේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඇය සඳහන් කළේ. එලෙස බදු නොගෙවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලින් පෙර දැනුම්දීමකින් තොරව මුදල් අය කර ගැනීමට නියමිතයි. ඊට අමතරව හිඟ බදු මුදල් ප්‍රමාණය අනුව අපරාධ නඩු පැවරීමට පියවර ගන්නා බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.

Related posts

Houses for Meethotamulla victims from Thursday

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවන වරට හටගත් ගින්නත් මැඩ පවත්වයි

Mohamed Dilsad

උතුරු මියන්මාරයේ පතලක නාය යෑමකින් 50 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment