දේශීය

රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – ලංකාව තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතියි.

රුධිර පරිත්‍යාගශීලීන් වේ නම් අනවශ්‍ය තදබදයක් හෝ පිරිස් එක් රැස්වීමකින් තොරව රුධිරය පරිත්‍යාගකිරීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමට නාරහෙන්පිට, ජාතික රුධිර මධ්‍යස්ථානය ඇමතිය හැක.

එම දුරකථන අංකය වන්නේ – 0115332153

රුධිර පරිත්‍යාගශීලීන් වන ඔබ පහත කාණ්ඩවලට අයත් වන්නේ නම් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වලකින්න.

– ඔබට පසුගිය මාසයක කාලයක් ඇතුලත උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා පැවතියේ නම්, පවතී නම් ,

– පසුගිය මාසයක කාලයක් ඇතුලත විදේශයක සිට පැමිණි පුද්ගලයෙකු, ඔබේ නිවසේ සිටී නම් හෝ ඔහු/ ඇය සමඟ ඔබ සමීප සම්බන්ධතාවක් පැවැත්වූයේ නම්,

– ඔබේ නිවසේ , පවුලේ වර්තමානයේ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා සහිත සාමාජිකයකු සිටී නම්,

-ඔබ පසුගිය මාස තුන ඇතුලත විදේශ ගත වී සිටියේ නම්.

Related posts

ජනකගෙන් කප්පම් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ඒමට නම් ඊට සරිලන වැටුපක් ලබාදිය යුතුයි – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතනයේ ලිපිය අවශ්‍යයි

Mohamed Dilsad

Leave a Comment