දේශීය

නාමයෝජනා භාරදීම සහ ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය හෙටින් අවසන්

(UTV |කොළඹ) – ඉදිරි මහ මැතිවරණය සදහා නාමයෝජනා භාරදීම සහ ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය හෙට මධ්‍යහ්න 12න් අවසන්වේ.

අද(18) පෙරවරුවේත් දිස්ත්‍රික්ක රැසක් සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් නාමයෝජනා භාර දුන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පෙරවරුවේ මාතර දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා භාරදෙනු ලැබුවේ කණ්ඩායම් නායක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසිනි.

ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා  නාමයෝජනා භාර දුන්නේය.

මීට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා ද අද නාමයෝජනා භාර දී තිබේ.

ජාතික ජන බලවේගය ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මොණරාගල, බදුල්ල, කෑගල්ල, අනුරාධපුරය, හම්බන්තොට සහ වන්නි යන දිස්ත්‍රික්ක සඳහා තේරීම්භාර නිලධාරී කාර්යාලවලදී සිය නාමයෝජනා පත්‍ර භාර දී ඇත.

එක්සත් ජාතික පක්ෂය අද පෙරවරුවේ පළමු වරට ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දුන් අතර ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන නාමයෝජනා භාර දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක අද පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා අත්සන් කරනු ලැබීය.

එසේම දෙමළ ජාතික සන්ධානය මඩකලපුව සහ වන්නි දිස්ත්‍රික්ක සඳහා අද පෙරවරුවේ නාමයෝජනා භාර දී ඇත.

Related posts

SJB මෙවර මැයි දිනය මහනුවරදී

Mohamed Dilsad

ඇඳිරි නිතිය ඉවත් කල ප්‍රදේශවල තැපැල් සේවා අදින් ඇරඹේ

Mohamed Dilsad

වසන්ත මුදලිගේ සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව මෙතැනින්

Mohamed Dilsad

Leave a Comment