විදෙස්

කොරෝනාව ඇමරිකාවේ 85 ක් බිලි ගනී

(UTV | ඇමරිකාව) –  නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ ජනතාව ඒකරාශී වීමේ කටයුතුවලින් වැලකී සිටිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනතාවට දැනුම් දී තිබේ.

ඉදිරි දින 15ක කාලය තුළ අවන්හල් ඇතුළු පොදු ස්ථානවල පුද්ගලයින් 10 කට අධික පිරිසක් ඒකරාශී වීමෙන් වැලකී සිටිය යුතු බවත් , එමෙන්ම සියලු වැඩිහිටි පුද්ගලයින් නිවෙස්වල රැදී සිටියයුතු අතර රැකියා සහ පාසල් කටයුතු නිවෙස්වල සිට සිදුකළ යුතු බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට අමෙරිකාව තුළ එම වෛරස් ආසාදිතයින් 4600ක් වාර්තා වී ඇත.

වෛරසය ආසාදිත පුද්ගලයින් 85 දෙනෙකු මියගොස් ඇති බවත් වාර්තා වෙයි.

Related posts

මැලේසියාවත් වසා දමයි

Mohamed Dilsad

ලංකාවේ සංචාරයකට බංග්ලාදේශ අගමැතිනියට ආරාධනා

Mohamed Dilsad

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්

Editor O

Leave a Comment