ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහන මිලදී ගන්න සුදානම්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහනවල මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවන්නැයි ක්‍රිකට් සභාපතිවරයා දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වෙඩි නොවදින වාහන ගෙන්වීමේ යෝජනාවක් පසුගියදා පැවති විධායක කමිටුවේදී සලකා බලා තිබුණි.

ඒ අනුව ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ උපසභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරු විධායක කමිටුවට දන්වා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොසලකා හැරිය නොහැකි බවයි.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තර්ජනයක් ඇති බැවින් මෙම තීන්දුවට එකඟ වූ බව ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතාගෙන් පැවසීය.

 

Related posts

අන්තර්පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය අද

Mohamed Dilsad

සංගක්කාර ICC Hall of Fame ලැයිස්තුවට

Mohamed Dilsad

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට බංගලාදේශයට ආරාධනා

Mohamed Dilsad

Leave a Comment