ක්‍රීඩා

සංගක්කාර ICC Hall of Fame ලැයිස්තුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ Hall of Fame ක්‍රීඩකයින් 10 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්කර තිබේ.

මෙම ලැයිස්තුවට ඇතුළත් වූ දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා සංගක්කාර වන අතර මීට පෙර මුත්තයියා මුරලිදරන් Hall of Fame ලැයිස්තුවට ඇතුළත් කෙරිණි.

අදාළ ක්‍රීඩකයන් 10 දෙනාගෙන් කුමාර සංගක්කාර හැරෙන්නට වත්මන් සියවසේ ක්‍රීඩා කළ අනෙක් එකම ක්‍රිඩකයා වන්නේ සිම්බාබ්වේ හිටපු ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර්ය. ඔහු මෙම ලැයිස්තුවට නම්කළ පළමු සිම්බාබ්වේ ජාතිකයාද වේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට අමතරව දකුණු අප්‍රිකාවේ ඕබ්‍ර ෆෝක්නර්, කොදෙව් දූපත්හි බාරොන් කොන්ස්තන්ටීන්, ඩෙස්මන්ඩ් හේන්ස්, ඕස්ට්‍රේලියාවේ ස්ටාන් මැක්කේබ්, මොන්ටි නෝබ්ල්, ඉන්දියාවේ විනූ මන්කාඩ්, එංගලන්තයේ ටෙඩ් ඩෙක්ස්ටර්, බොබ් විලීස් යන හිටපු ක්‍රීඩකයන් මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

Related posts

ක්‍රිකට් පුහුණුකරු හතුරුසිංහට තනතුරෙන් ඉවත්වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවට

Mohamed Dilsad

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment