දේශීයප්‍රමුඛ පුවත 1

දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේ

(UTV| කොළඹ) –  නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා මේ වනවිට දිවයින පුරා මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කරයි.

පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්නි, මයියන්කුලම් හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, බොරවැව, ගල්කන්ද, කහගොල්ල, දියතලාව යුද හමුදා රෝහල සහ දියතලාව ගැමුණු හේවා බලකා කඳවුරේ එම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

මීට අමතරව , සියලු පහසුකම්වලින් යුත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දම්මින්න සහ රන්ටැඹේ ප්‍රදේශවලද ස්ථාපිත කර තිබේ.

එම මධ්‍යස්ථානවල වර්ගීකරණය කරන ලද පුද්ගලයන් 1723 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර විදේශිකයන් 8 දෙනෙකුද එහි සිටින බව යුද හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

සහල් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්…?

Editor O

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

Mohamed Dilsad

මෙරට කොවිඩ් මරණ දස දහස ආසන්නයේ

Mohamed Dilsad

Leave a Comment