දේශීය

මෙරට කොවිඩ් මරණ දස දහස ආසන්නයේ

(UTV | කොළඹ) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 450,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද දස දහසේ සීමාවට ආසන්න වී තිබෙනවා.

එමෙන්ම, ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටි විසි දෙක ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද මරණ 202ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 9806ක් ලෙසයි.

මිය ගිය 202ගෙන් 155 දෙනෙකු ම වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් වෙනවා.

මීට අමතර ව වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් 42ක් ද කොරෝනා ආසාදිත ව ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ මෙරටින් නව ආසාදිතයින් 3644 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 451,401ක් ලෙස යි.

නව ආසාදිතයින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩි පොකුරේ ආසාදිතයින් වෙනවා.

ඒ අනුව සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 61,429ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 380,166ක්.

Related posts

2019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

සමගි ජන සන්ධානයේ දේශපාලන න්‍යාය පත්‍රය වර්ථමානයටත්, අනාගතයටත් වළංගුයි – ඩලස් අලහප්පෙරුම

Editor O

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට හෙට සිට බූස්ටර් මාත්‍රාව

Mohamed Dilsad

Leave a Comment