දේශීය

නිරෝධායන නීති කැඩූ තවත් 739ක් අත්අඩංගුව

(UTV | කොළඹ) – අද උදාසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 739 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 70ක්ද එහිදී පොලිසිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව හැට තතරදහස් හයසිය හතලිස් හතක්.

බස්නාහිර පළාත තුල මේවනවිට පොලිස් මාර්ග බාධක 13ක් ස්ථාපිත කර තිබෙනවා. මෙම මාර්ග බාධකවලදී බස්නාහිර පළාතෙන් පිටවන සහ පළාතට ඇතුලුවන පුද්ගලයින් 1959ක් සහ වාහන 1335ක් ඊයේ දිනයේදී පරික්ෂාවට ලක් කළ බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

දකුණේ වැඩිහිටි නිවාස සදහා වියළි ආහාර සති දෙකකට ගබඩා කරගන්නැයි උපදෙස්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල ඉහළට

Mohamed Dilsad

කොළඹට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment