දේශීය

දුම් පානය කරන්නන් අතර කොරෝනා වැඩිවීමේ අවදානමක්

(UTV | කොළඹ) – කොව්ඩ් – 19 කොරෝනා වයිරසය දුම්පානය කරනු ලබන පුද්ගලයන්ට බෝවීමේ වැඩි හැකියාවක් පවතින බව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජේෂ්ඨ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

පෙණහලු ආශ්‍රිතව කොරෝනා වයිරසයෙන් ඇති කරන ආසාදනයෙන් රෝගී තත්ත්වය ඇතිවන නිසා දුම්පානය කරන පුද්ගලයන්ට වෙනත් අයට සාපේක්ෂව සංකූලතාවක් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විසින් පෙන්වා දෙයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරසය වසංගතයක් ලෙස පැතිරීමේ අවදානමක් නොමැති නිසා කිසිවකු අනිසි බියක් ඇති කරගැනීම අනවශ්‍ය බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර තිබේ.

කිවිසුම් මඟින්, කැස්සෙන් සහ සොටු, සෙම, කෙළ බිඳිති මඟින් කොරෝනා වයිරසය ව්‍යාප්ත වන නිසා එමඟින් වැළැක්වීමට අවශ්‍ය නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම තුළින් මෙම වයිරසය පැතිරීමේ ක්‍රියාවලිය වැළැක්වීමට හැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related posts

ආණ්ඩුවට විරුද්ධ වන අය, ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන සාගර කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

Editor O

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Editor O

පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ දේහය ඥාතීන්ට

Mohamed Dilsad

Leave a Comment