දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – 2019/2020 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020-03-26 දිනට යෙදී ඇත.

මේ හේතුවෙන් ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් පාසලේ විදුහල්පතිවරයා ලවා සහතික කරවාගත යුතු වෙයි.

එහෙත් පළමු පාසල් වාර නිවාඩුව මේ වනවිට ආරම්භ වී තිබීම හේතුවෙන් මෙම කාර්යය සිදුකරගැනීමේ දී සිසුන්ට වන අපහසුතා වැළැක්වීම පිණිස අදාළ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනයට පෙර එම අයදුම්පත් සහතික කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු විදුහල්පතිවරුන් වෙත දන්වා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එමෙන් ම, ඉදිරියේ දී එළඹෙන මැතිවරණ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් වෙත ඊට අදාළ අයදුම්පත් සම්පූර්ණ කිරීමටත්, තැපැල් ඡන්ද අයදුම් කිරීම සඳහා පාසල තුළ අවශ්‍ය පසුබිම සලසා දීමටත් අවශ්‍ය විධිවිධාන යොදන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දෙයි.

Related posts

සමගි ජන බලවේගය සමග එක්වූ අයගේ එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසිය [RELEASE]

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 454 දෙනෙකු සුව අතට

Mohamed Dilsad

තණමල්විලදී කැබ් රියක ගැටුණු එකම පවුලේ 03 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment