දේශීය

අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ) –  තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණනායක සිය තීනිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක , අර්ජුන් ඇලෝසියස් ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.

රවී කරුණානායකව අත්අඩංගුවට ගැනීමට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් පිරිසක් ඔහුගේ නිවස පවා සෝදිසියට ලක්කළ අතර , වරෙන්තු නිකුත් කර මේ වන විට දින තුනක් ඉක්මවා ගියද ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත.

Related posts

අපේ අයට ඇමතිකම් දෙන්න, නැත්නම් වැඩ කරන්න දෙන්නේ නෑ – බැසිල්ගෙන් ජනපතිට දොස්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

හැඳුනුම්පතේ අලුත්ම වෙනස ළඟදීම

Mohamed Dilsad

Leave a Comment