ව්‍යාපාරික

කොවිඩ් -19 වෛරස හමුවේ ලංකාවේ ආර්ථිකයටත් බලපෑම්

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරස අවධානම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඊට හේතුව ලෙසට පේනා දෙන්නේ චීනයට සිදු කෙරෙන අපනයන මෙන්ම චීනයෙන් කෙරෙන ආනයන පහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබීමයි.

දිවයිනට පැමිණෙන චීන සංචාරකයන් ද පහ බැස ඇති අතර , පෙබරවාරි මාසයේදී පැමිණි චීන සංචාරකයන්ගේ ප්‍රතිශතය පසුගිය වසර හා සැසඳීමේදී 92.5% කින් පහත වැටී තිබූ බව මහ බැංකුව නිකුත් කල වාර්තාවක දැක්වෙයි.

මේ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසක් වාසය කරන දකුණු කොරියාව , ඉතාලිය සහ මැදපෙරදිග සිට සිදුකෙරෙන ප්‍රේෂණවල අඩුවක්ද දක්නට ලැබෙන බව මහ බැංකුව අවධාරණය කරයි.

එයද මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් බවට හඳුනාගෙන තිබේ.

Related posts

මාලිමා ආණ්ඩුවේ මුදල් ඇමති හොඳටම කරලා: 2025 ජනවාරි මාසයේ, ලෝකයේ නරකම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්වෙයි.

Editor O

වතු සේවක වැටුප ගැන ගැසට් නිවේදනයක්

Editor O

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව 2018 දී ලාබ ලබයි.

Mohamed Dilsad

Leave a Comment