ව්‍යාපාරික

කොවිඩ් -19 වෛරස හමුවේ ලංකාවේ ආර්ථිකයටත් බලපෑම්

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරස අවධානම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඊට හේතුව ලෙසට පේනා දෙන්නේ චීනයට සිදු කෙරෙන අපනයන මෙන්ම චීනයෙන් කෙරෙන ආනයන පහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබීමයි.

දිවයිනට පැමිණෙන චීන සංචාරකයන් ද පහ බැස ඇති අතර , පෙබරවාරි මාසයේදී පැමිණි චීන සංචාරකයන්ගේ ප්‍රතිශතය පසුගිය වසර හා සැසඳීමේදී 92.5% කින් පහත වැටී තිබූ බව මහ බැංකුව නිකුත් කල වාර්තාවක දැක්වෙයි.

මේ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසක් වාසය කරන දකුණු කොරියාව , ඉතාලිය සහ මැදපෙරදිග සිට සිදුකෙරෙන ප්‍රේෂණවල අඩුවක්ද දක්නට ලැබෙන බව මහ බැංකුව අවධාරණය කරයි.

එයද මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් බවට හඳුනාගෙන තිබේ.

Related posts

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවත් කිරීමට අවධානය

Mohamed Dilsad

මහ බැංකුව නම්‍යශීලීවී පොළී අනුපාත ලිහිල් කරයි.

Editor O

බොරතෙල් මිල පහතට

Mohamed Dilsad

Leave a Comment