දේශීයප්‍රමුඛ පුවත 1

දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පුද්ගලික ආයතන වෙත

(UTV | කොළඹ) –  දිවයින පුරා දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පුද්ගලික ආයතන වෙත පවරා පුද්ගලික ආයතනයන්හී දැන්වීම් දුම්රිය ස්ථානයන්හී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

දුම්රිය ස්ථාන අබලන් තත්ත්වයට පත්වීම වළකාගැනීම් ස‍ඳහා පුද්ගලික ආයතනයන්හී සහය ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව ඒ මහතා පැවසීය.

අදාල ප්‍රදේශයන්වලට ආවේණික කර්මාන්තයන් පවත්වාගෙන යන සමාගම් වෙත මෙය මහඟු අවස්ථාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

උඩරට දුම්රිය ස්ථාන කිහිපයක්ම තේ සමාගම් ලබා ගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් ,
මෙකී දැන්වීම් ප්‍රදර්ශනය සඳහා සමාගම්වලින් අමතර මුදලක් අය නොකරන බව පෙන්වාදෙන ඒ මහතා දැන්වීම ප්‍රදර්ශනය කරන දුම්රිය ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම සහ අලංකාර කිරීම ඔවුන්ට පැවරෙන කටයුත්තක් බව පැවසීය.

Related posts

ඌව පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවට න‍ිවේදයක්

Mohamed Dilsad

හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළට

Editor O

කටුපොල් වගාව පිලිබඳ රොමේෂ් කරුණු දක්වයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment