දේශීය

අජිත් ප්‍රසන්නගේ නඩුව දිනපතා විභාග කිරීමට නියෝග

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට එරෙහිව පවරා ඇති නඩුව මැයි මස 27 වනදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

ඒ අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

ඒ අනුව විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව මහාධිකරණය විසින් ඔහුව ඇප මත මුදාහරිනු ලැබුවේය.

Related posts

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලාංකීය ධීවර යාත්‍රාව…

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිස්ත්‍රික් 20 කින් කොවිඩ් ආසාදිතයන්

Mohamed Dilsad

ත්‍රිපෝෂ සෑදීමට අවශ්‍ය කිරිපිටි දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගනී

Mohamed Dilsad

Leave a Comment