දේශීය

අජිත් ප්‍රසන්නගේ නඩුව දිනපතා විභාග කිරීමට නියෝග

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට එරෙහිව පවරා ඇති නඩුව මැයි මස 27 වනදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

ඒ අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

ඒ අනුව විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව මහාධිකරණය විසින් ඔහුව ඇප මත මුදාහරිනු ලැබුවේය.

Related posts

සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි…

Editor O

රට පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදා කැඳවයි.

Editor O

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment