දේශීය

නෞකාවලින් මගීන් මෙරටට බැස්ස වීම අද සිට තහනම්

(UTV | කොළඹ) – මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ අද දිනයේ ද සුඛෝපභෝගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබූ බවයි.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව අද දින සිට මගී නෞකාවලින් මගීන් ගොඩබීමට බැස්සවීම තහනම් කර ඇති බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදී හරයන් රැකීමට කැප වනවා – අගමැති

Mohamed Dilsad

කාදිනල් හිමිපාණන් ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ජාතික රෝහලේ මුදල් කොල්ලකා පළාගිය දොස්තරට රැඳවුම් නියෝග

Mohamed Dilsad

Leave a Comment