දේශීය

ජාතික රෝහලේ මුදල් කොල්ලකා පළාගිය දොස්තරට රැඳවුම් නියෝග

(UTV | කොළඹ ) – පොලීසිය විසින් කොළඹ ජාතික රෝහලේ සරප් අංශයේ තිබූ රුපියල් ලක්ෂ 79 කට අධික මුදලක් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබේ.

අද (10) සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

සෙල්ලම් පිස්තෝලයක් යොදාගනිමින් ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් අයකැමිවරිය බියගන්වා සැකකරු මෙම මුදල් කොල්ලය සිදු කළේ ඊයේ (09) දහවල් කාලයේදියි.

ඔහු පශ්චාත් පුහුණුව සඳහා පැමිණි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කළේය.

Related posts

පාස්කු ප්‍රහාරකයන්ට මුදල් ලැබුණ විදිය ගැන රවී සෙනෙවිරත්න කියයි

Editor O

හජ් උත්සවය අදයි

Mohamed Dilsad

ගම්පහ වෙළඳසැල් හෙට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment