දේශීය

ගම්පහ වෙළඳසැල් හෙට විවෘතයි

(UTV |ගම්පහ) – ඇඳිරි නීතිය පැනවූ  ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය  භාණ්ඩ මිලදී ගැනීම සඳහා  සියලුම අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන සහ ඔසුසැල් හෙට(26) විවෘත කෙරේ.

ඒ අනුව හෙට පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු බැංකු මධ්‍යස්තානද අවම සේවකයින් පිරිසක් යොදවාගෙන විවෘත කරන ලෙස යුධ හමුදාපතිවරයා දැනුම් දෙයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

 

Related posts

හජ් උත්සවය අදයි

Mohamed Dilsad

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය සේවා වලට එල්ල වන බාධාවන් ගැන දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment