ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09 ක විශිෂ්ඨ ජයක්

(UTV | මෙල්බර්න්) – ICC කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ කඩුලු 09 ක විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (01) සමත්ව තිබේ.

ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගයේදී.

තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 91 ක්..

පසුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 03ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළේය.

Related posts

ධනංජයට ශල්‍ය කර්මයක් – T 20 තරඟාවලියත් අහිමි වෙයි

Mohamed Dilsad

මහින්දානන්ද දුන් ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

ලෝක කුසලාන පරාජය ගැන කුසල් කටුනායකදී කතා කරයි

Mohamed Dilsad

Leave a Comment