දේශීය

ගුවන් හමුදාව 69 වන සංවත්සරය සමරයි

(UTV | කොළඹ) – අදට යෙදී ඇති ගුවන් හමුදාවේ 69 වන සංවත්සරය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේ පැවැත්වේ.

ඊට සමගාමීව සියලුම ගුවන් හමුදා කඳවුරුවල රුක් රෝපණ වැඩසටහන් සහ සමාජ සත්කාරක කටයුතු සිදුකරනු ලබයි.

මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වන්නේ 1972 මාර්තු 2 වනදා, 1951 මාර්තු 2 වනදා රාජකිය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමඟය.

ඒ අනුව වසර 69 ක කාලයක් අප මාතෘභූමිය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වගකිවයුතු මෙහෙවරක් ඉටුකරනු ලබනයි.

මේ දක්වා ගුවන් හමුදාපතිවරුන් 17 දෙනෙකුගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ මේ දක්වා  පවත්වා ගෙන ආවේය.

 

Related posts

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂම, මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ඉල්ලයි.

Editor O

නැගෙනහිර පළමු කොරෝනා මරණට

Mohamed Dilsad

මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment