දේශීය

අත්අඩංගුවට පත් සරසවි සිසුන් යළි රිමාන්ඩ් [UPDATE]

(UTV | කොළඹ) – අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සත්‍යග්‍රහයක නිරත වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගන්නා ලද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් විසි දෙදෙනා ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

………………………………………………………………………………………………………………………….

UGC ඉදිරිපිට සත්‍යග්‍රහ කල සරසවි සිසුන් යලි අධිකරණයට

(UTV | කොළඹ) – මහජනතාව පීඩාවට පත්වන අයුරින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටීමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු විශ්ව විද්‍යාල සිසුන් 22 දෙනා අද (02) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකාර සිසුන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයසිංහ නියෝග කළේය.

දින කිහිපයක සිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික සිසුන් විසින් විවිධ හේතු මත ශිෂ්‍යභාවය අහෝසි කර ඇති සිසුන්ට සාධාරණය ඉටු කරන ලෙස හා රුහුණු විශ්ව විද්‍යාලය තුල ශිෂ්‍ය මර්දනයක් සිදුවන බවට චෝදනා කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මෙලෙස අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත විය.

අධිකරණය විසින් මහජනතාව පීඩාවට පත්වන බැවින් එම සත්‍යග්‍රහය නතර කරන ලෙස තහනම් නියෝගයක්ද නිකුත් කර තිබූ අතර එම තහනම නොතකමින් ඊයේ අලුයම වනතෙක් සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරතව සිටියේය.

Related posts

බලශක්ති අමාත්‍යවරයාගේ විශේෂ මාධ්‍ය හමුව

Mohamed Dilsad

ගංජා අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගංජා ප්‍රවාහනය කල පොලිස් නිලධාරියෙකු හසු වෙයි

Mohamed Dilsad

Leave a Comment