දේශීය

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක ගින්නක්

(UTV – කොළඹ ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව සහ ඉමදුව අතර ප්‍රදේශයේදී මගී බස් රථයක ගින්නක්හටගෙන තිබේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ යොදවා ඇති බව පොලීසිය සඳහන් කළේය.

කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගින්න හටගෙන තිබේ.

ගින්නෙන් බස් රථයේ ගමන් කළ මගීන් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැත.

Related posts

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට වෙන වෙනම රැස්වේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වසංගතයට සටන් කරන බව අගමැති මෝදි කියයි

Mohamed Dilsad

හිටපු ඇමති දුමින්ද දිසානායක අත්අඩංගුවට

Editor O

Leave a Comment