දේශීයප්‍රමුඛ පුවත 1

ශානි අබේසේකරට නොතීසි

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට සහ ඇතුළු එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකුට නොතීසි නිකුත් කරයි.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ පෙනී සිටින ලෙසයි.

මාර්තු මස 3 වනදා ඔවුන්ට මෙලෙස කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට අමතරව සහකාරපොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාටද මෙලෙස නොතීසි නිකුත් තිබේ.

ඊයේ(28) වයඹ නාවික කලාපය භාර ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා ලබාදුන් සාක්ෂි මත එම සාක්ෂිවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

 

Related posts

වෛරසයෙන් ආරක්ෂාවීමට සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක්

Mohamed Dilsad

පැය 24කදී ඉතාලියෙන් මරණ 919ක් – ඇමරිකාවේ ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

අද සිට පාර්ලිමේන්තුව නරඹන්න ජනතාවට අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment