දේශීය

විදේශ අමාත්‍යවරයා සහ ජගත් මහෙල්කම් අතර හමුවක්

(UTV | කොළඹ) –  විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් ඊයේ (27) සිදුව තිබේ.

ජිනිවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 43 වන සැසි වාරයට සමගාමීව මෙම හමුව සිදුව ඇති අතර , අදාළ හමුව සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ට්විටර් ගිණුමට ද සටහනක් එක්කර තිබේ.

මේ අතර, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලට් ද අද හමුවීමට නියමිතයි.

30-1 යෝජනාවෙන් ඉවත්වීමට රජය ගත් තීරණය ඇතුලු කරුණු රැසක් පිළිබඳ අද පැවැත්වෙන හමුවේදී අවධානය යොමු කෙරෙනු ඇත.

Related posts

වෛද්‍ය වැඩවර්ජනය අවලංගුයි

Mohamed Dilsad

කාළගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

එම්.සී.සී. ගිවිසුමේ කමිටු වාර්තාව සිව් මසකින්

Mohamed Dilsad

Leave a Comment