දේශීය

අජිත් ප්‍රසන්න ඇතුලු සැකකරුවන් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් අධිකරණය හමුවේ විභාගවන නඩුවක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් වන ආකාරයෙන් මාධ්‍ය හමුවකදී කරුනු දැක්වූ බවට චෝදනා එල්ලවී සිටින මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුලු සැකකරුවන් 3දෙනා ලබන මස 10 වනදාතෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමට නියෝග කර තිබේ.

සැකකරුවන් වෙනුවෙන් අද (28) දිනයේදී ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ නියෝගයද ලබන මස 10වනදා ප්‍රකාශ කරන බව අතිරේක මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

Related posts

විනිසුරුවරු පිරිසක් තනතුරුවලින් ඉල්ලා අස්වීමේ සූදානමක….

Editor O

සාමාන්‍ය පෙළ විභාගය ගැන ඇමති අද පාර්ලිමේන්තුවේදී කියු කතාව

Mohamed Dilsad

රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන් වැඩ වර්ජනයක

Editor O

Leave a Comment