දේශීය

විදේශ අමාත්‍ය අද ජිනීවා බලා යයි

(UTV | කොළඹ) – විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වීම සඳහායි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නිළ මට්ටමේ සාකච්ඡා කිහිපයක් සඳහා විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ආරම්භවීමට දින කිහිපයකට පෙර ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය බවයි.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (26) මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇමතීමට නියමිත අතර 30-1 සහ 40-1 යෝජනාවලින් ඉවත්වීමට රජය ගත් තීරණය ඔහු එහිදී කවුන්සිලයට නිල වශයෙන් දැනුම්දෙනු ඇති.

ඔහු සමග රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ නියෝජිතයන් පිරිසක් සැසිවාරයට එක්වෙයි.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද හය ලක්ෂ හැට හත්දහසක් ප්‍රතික්ෂේපයි

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව

Mohamed Dilsad

Leave a Comment