දේශීය

සජිත්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇරයුමක්

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාට සමගි ජන බලවේගය සමග එක්වන ලෙසට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම ආරාධනය සිදුකළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කරන ජනතාවාදී ගමනට සමගි ජන බලවේගය සමග එක් වන ලෙසට ශ්‍රීලනිපයේ ගම් , බිම් මට්ටමේ සියලුම දෙනාට මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කර සිටියේය.

එහිදී සග, වෙද, ගුරු, ගොවි කම්කරු සියලු දෙනාට ආදරයෙන් ආරාධනා කර සිටින බවද විපක්ෂ නායකවරයා පැවසුවා.

Related posts

කොරෝනා රෝගීන් පිරිසකට සුවයි

Mohamed Dilsad

රජයේ වෛද‍්‍ය නිල‍ධාරීන්ගේ සංගමය දැඩි තීරණයකට..

Mohamed Dilsad

රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment