දේශීය

ජගත් මානව හිමිකම් සැසිය අදින් ඇරඹේ

(UTV | කොළඹ) – ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 43 වන සැසිවාරය අද (24) ආරම්භ වීමට නියමිතය.

මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙනු ලබන්නේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි.

මාර්තු 20 වනදා දක්වා පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් වාචික කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිත අතර , එම කරුණු දැක්වීම මේ මස 27 වනදා සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාචික කරුණු දැක්වීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රතිචාර දැක්වීමට නියමිත බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ සඳහන් කළේය.

Related posts

හිටපු අමාත්‍ය රිශාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසියේම කළ අනතුරු ඇඟවීම මෙන්න

Mohamed Dilsad

ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතියට එරෙහි පෙත්සම් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

Editor O

Leave a Comment