දේශීයප්‍රමුඛ පුවත 1

ආරක්ෂාව සහතික කරන විශේෂ ගැසට් පත්‍රයක්

(UTV | කොළඹ) – ත්‍රිවිධ හමුදාවට රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.

හිටපු ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරෙයි.

අදාල ගැසට් නිවේදනයේ සඳහන් කරන ආකාරයට කොළඹ, ගම්පහ, කළුතර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්,මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ යාබද දේශීය වෙරළ තීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් යොදවා තිබේ.

Related posts

ඉන්දියානු අගමැති මෝදි අනුරාධපුරයට

Editor O

පාස්කු ප්‍රහාරයෙන් අනාථ වූ දරුවන්ට විශේෂිත ළමා අරමුදලක්

Mohamed Dilsad

සරසවි සිසුන්ට රැකියා

Mohamed Dilsad

Leave a Comment