දේශීයප්‍රමුඛ පුවත 1

මාතර සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගය හෙට ජනතා අයිතියට

(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල දක්වා දිගුව හෙට (23) දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා දිගුව ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත.

තවද මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශය විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දක්වා වූ කිලෝමීටර් 200යි මීටර් 451ක් දිගැති එම කොටස තුළ රථ වාහන ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමට හැකි වනු ඇත.

 

Related posts

රිජ්වේ ළමා රෝහලේ රෝගීන් බැලීමට සීමා පනවයි

Mohamed Dilsad

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවටම නිර්දේශ කරයි

Mohamed Dilsad

කෙහෙළිය ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment