දේශීය

මැදවච්චිය වැවේ දියේ ගිලී ළමුන් සිව් දෙනෙක් මරුට

(UTV |මැදවච්චිය) – මැදවච්චිය වැවේ දිය නාමින් සිටි සිසුන් හත්දෙනෙකු දියේ ගිලී  තිබේ.

මෙලෙස අනතුරටපත්ව ඇත්තේ ගෝමරන්කඩවල පොලිස් වසමේ අධ්‍යාපන චාරිකාවක පැමිණි හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසකි.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අද (19) සවස 6.30 පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි.

එයින් තිදෙනෙකු බේරා ගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුලත් කර ඇත.

අනෙක් ළමුන් සිව්දෙනා දියේ ගිලී මිය ගොස් ඇත.

ගෝමරන්කඩවල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය සිව්වන දිනටත්

Mohamed Dilsad

සරසවි අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ගිනි බිසව් රාජ්‍යයේ ජනපති දිවයිනට

Mohamed Dilsad

Leave a Comment