විදෙස්

පේරුහි පැතිර යන ඩෙංගු රෝගයෙන් පුද්ගලයන් 12 ක් මියයයි

(UTV | කොළඹ) – පේරු රාජ්‍යයේ පැතිර යන ඩෙංගු උණ රෝගයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙක් මියගොස් තවත් ආසාදිතයන් 5480 ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම උණ රෝගය වැඩි වශයෙන් ඇමසෝනියා කලාපවල ව්‍යාප්ත වී තිබෙන අතර ඉන් වැඩි බලපෑම් එල්ලවූ කලාප කිහිපයකට ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමටත් පේරු බලධාරීන් පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් එම රෝගයට මේ වන තුරු නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගැනීමට හැකිවී නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසන්නේ මේ වසරේදී බොහෝ රටවලින් ඩෙංගු ආසාදිතයන් හමුවී ඇති බවයි.

Related posts

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

මොඩෙර්නා එන්නතත් හදිසි භාවිතයට WHO අනුමත කරයි

Mohamed Dilsad

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

Leave a Comment