විදෙස්

පේරුහි පැතිර යන ඩෙංගු රෝගයෙන් පුද්ගලයන් 12 ක් මියයයි

(UTV | කොළඹ) – පේරු රාජ්‍යයේ පැතිර යන ඩෙංගු උණ රෝගයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙක් මියගොස් තවත් ආසාදිතයන් 5480 ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම උණ රෝගය වැඩි වශයෙන් ඇමසෝනියා කලාපවල ව්‍යාප්ත වී තිබෙන අතර ඉන් වැඩි බලපෑම් එල්ලවූ කලාප කිහිපයකට ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමටත් පේරු බලධාරීන් පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් එම රෝගයට මේ වන තුරු නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගැනීමට හැකිවී නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසන්නේ මේ වසරේදී බොහෝ රටවලින් ඩෙංගු ආසාදිතයන් හමුවී ඇති බවයි.

Related posts

යේමනයේ ගැටුම් උග්‍ර අතට.150 දෙනෙකු මරුට

Mohamed Dilsad

ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් ඉල්ලා අස්වෙයි…

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment