දේශීය

දුම්වැටි තොගයක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපළ රේගුව මඟින් රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඉන් දෙදෙනෙකු මහනුවර ප්‍රදේශයේ පදිංචි අඹු – සැමි යුවළක් වන අතර, අනෙක් සැකකාරිය මාතලේ සහ සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මොවුන් භාරයේ තිබී අත්අඩංගුවට ගත් මුළු දුම්වැටි සංඛ්‍යාව 90,800ක් වන අතර මොවුන් ඩුබායි සහ අබුඩාබි රාජ්‍යයන් හි සිට මෙරටට පැමිණි ඇති බවට වාර්තා වේ.

Related posts

ඇමෙරිකානු තීරු බදු, තවදුරටත් අඩු කර ගැනීමේ සාකච්ඡා ගැන රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

ගත වු මාස කිහිපයට ලාදුරු රෝගීන් 1,300ක්

Mohamed Dilsad

නව පොලිස්පතිවරයා කතානායකවරයා හමු වෙයි

Mohamed Dilsad

Leave a Comment