දේශීය

සිංගිමලේ කන්දේ ගින්න මැඩලීමට ගුවන් හමුදා සහය

(UTV | හැටන් ) – හැටන්, සිංගිමලේ රක්ෂිතයේ අද(13) පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් පැතිර යන නිසා ගින්න පාලනය කිරීමට ආපදාකලමණාකරණ ඒකකය විසින් ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහය ලබාගෙන ඇති බවට වාර්තා වේ.

අද පස්වරුවේ කාසල්රි ජලාශයෙන් ජලය රැගෙන අවස්තා කිහිපයකදි බෙල් 212 ගුවන් යානයෙන් සිංගිමලේ කදු මුදුණ හට ගත්ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව සමත්ව තිබේ.

හැටන් පොලිසිය, වන අඩවි කාර්යයාලයේ නිලධාරින්, හැටන් දික්ඔය නගර සභාව, ප්‍රදේශවාසින් සහ යුධ හමුදා නිලධාරින් පැතිරයමින් තිබු ගින්න පාලනය කිරීමට දැඩි උත්සහයක් කළද, ගින්න පාලනය කිරීමට නොහැකි වු නිසා ගුවන් හමුදාවේ සහය ලබාගැනිමට කටයුතු කර ඇත.

පැතිර ගිය ගින්නෙන් අක්කර තුනක පමණ රක්ෂිතයෙන් කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් වන අඩවි කාර්යයාලයේනිලධාරින් වැඩිදුරටත් කියා සිටියි.

Related posts

පිටකොටුවේ නාට්ටාමිවරුන් වර්ජනයක

Mohamed Dilsad

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පස්වැනි ඉන්දීය සාගර සමුළුවට

Mohamed Dilsad

ස්විස්ටර්ලන්තයෙන් ශ්‍රි ලංකාවට ඩොලර් ලක්ෂ 40 ක වෛද්‍යාධාර

Mohamed Dilsad

Leave a Comment