දේශීය

ස්විස්ටර්ලන්තයෙන් ශ්‍රි ලංකාවට ඩොලර් ලක්ෂ 40 ක වෛද්‍යාධාර

(UTV | කොළඹ) – ස්විස්ටර්ලන්තය ශ්‍රි ලංකාවට අමෙරිකානු ඩොලර් ලක්ෂ 40 ක් වටිනා වෛද්‍යාධාර පිරිනමයි. ශ්‍රි ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ගලර් මහතා අරලියගහ මන්දිරියේදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත එම ආධාර තොගය ඊයේ භාරදුන්නේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රන උපකරණ සහ ප්‍රතිදේහ ජනන පරික්ෂණ කට්ටල ඇතුළු, උපකරණ රැසක් එම වෛද්‍යාධාර තොගයට ඇතුලත්ය.

පරිත්‍යාගය සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත ජනතාවට සිය ස්තූතිය පළකළ අගමැතිවරයා දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි සක්‍රිය කිරීමේ අවශ්‍යතාව මෙන්ම අතීතයේ දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර සාර්ථකව පැවැත්වු වැඩසටහන් පිළිබඳව ද එම හමුවේදි අවධානය යොමු විය.

නුදුරු අනාගතයේදීම සංචාරක කර්මාන්තය යළි සක්‍රිය වනු ඇති බවට පවතින ලොක අපේක්ෂාව අනුව ශ්‍රි ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් හා සේවා වැඩිදියුණු කිරීමට ස්විස්ටර්ලන්ත රජයේ පුර්ණ සහාය ලැබෙන බව තානාපතිවරයා පැවසීය.

Related posts

සමගි ජනබලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ඇරඹේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක්

Mohamed Dilsad

මහනුවර – බදුල්ල දුම්රිය 2ක් ධාවනයට

Mohamed Dilsad

Leave a Comment