දේශීය

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පස්වැනි ඉන්දීය සාගර සමුළුවට

(UTV | කොළඹ) – ලබන දෙසැම්බර් 03 වැනි දා සිට 05 වැනි දා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ආරාධනා ලැබී තිබෙනවා.

‘පරිසරය,ආර්ථිකය,වසංගතය’ මෙවර සමුළුවේ තේමාව යි.

ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික විපර්යාසවල වර්ධනය සමඟ තර්ජනයන්ට මුහුණ දීම කෙසේ ද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

රනිල් වික්‍රමසිංහ ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර, 2016 සිට 2019 දක්වා කාලයේ එම ධුරය දරා තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා ලබන දෙසැම්බර් 05 වැනි දා සමුළුව ඇමතීමට නියමිත අතර, ඔහුට අමතර ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය S. ජයශංකර් සහ සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍ය V. බාලක්‍රිෂ්ණන් යන අය ද සමුළුවට සහභාගි වෙනු ඇති.

Related posts

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රඳවා සිටින වනවාසී බලංගොඩ කස්සප හිමියෝ උපවාසයක් අරඹති…

Editor O

මාලිගාවත්තේ වෙඩි තැබීමක්

Editor O

දුම්රිය සේවකයින් 360කට කොවිඩ්: තිදෙනෙකු මිය යයි

Mohamed Dilsad

Leave a Comment