දේශීය

කෝටියක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) රාත්‍රියේ මෙම වැටලීම කර ඇත්තේ පොලිස් විශේෂ කාර්යය බලකායේ මූලස්ථාන කඳවුරේ නිළධාරින්ට ලද තොරතුරකට අනුවය.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් පමණ වන අයෙක් වන අතර ඔහුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලිසිය පැවසුවේ මේ පිලිබඳ වැඩිදුර විමර්ශණ මෙහෙයවන බවයි.

Related posts

ඡන්ද පොළක කඩාකප්පල්කාරී සිදුවීමක් වුණොත් එම ඡන්දපොළේ සියලුම ඡන්ද ශුන්‍ය කරනවා – මැතිවරණ කොමිෂන් සභභාවේ සභාපති

Editor O

ගල්කිස්සේදී අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුර සොයා ගනී

Mohamed Dilsad

දිස්ත්‍රික්ක තුනක් කොවිඩ් අධි අවධානම් කලාප ලෙස PHI සංගමය නම් කරයි

Mohamed Dilsad

Leave a Comment