දේශීය

කෝටියක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) රාත්‍රියේ මෙම වැටලීම කර ඇත්තේ පොලිස් විශේෂ කාර්යය බලකායේ මූලස්ථාන කඳවුරේ නිළධාරින්ට ලද තොරතුරකට අනුවය.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් පමණ වන අයෙක් වන අතර ඔහුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලිසිය පැවසුවේ මේ පිලිබඳ වැඩිදුර විමර්ශණ මෙහෙයවන බවයි.

Related posts

අධ්‍යාපන ඇමතිනිය උත්සවවලට යනවා විතරයි. ගුරු ගැටළු ගැන සාකච්ඡා කරන්නේ නැහැ – ජෝෂප් ස්ටාලින්

Editor O

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

කීරි සම්බා හිඟය ගැන ඩඩ්ලි සිරිසේන පැහැදිලි කරයි…

Editor O

Leave a Comment