දේශීය

උතුරේ කාන්තා මූලික පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම ඕස්ට්‍රේලියාවේ සහය

(UTV |යාපනය) – කාන්තා මූලික පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම උදෙසා ඕස්ට්‍රේලියානු රජයේ උපකාර ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර් ල්ස් මහත්මිය පවසයි.

මේ සඳහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හච්චෙස්සන් මහතා එකඟතාවය පල කර තිබේ.

උතුරු පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර් ල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ජාවක් ඊයේ(10) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

යුද්ධයෙන් පසු උතුරු පළාතේ ජන ජිවිතය, නැවත පදිංචි කළ ජනතාවගේ යටිතල පහසුකම් හා උතුරු පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද දෙපාර්ශවය එහිදි සාකච්ජා පැවැත්වුණි.

 

Related posts

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය අගමැති නිරීක්ෂණයට

Mohamed Dilsad

මන්ත්‍රී අර්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයි.

Editor O

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment