දේශීය

ත්‍රිවිද හමුදා සාමාජිකයන් 4921 ක් යළි බාර වෙයි

(UTV | කොළඹ) – ත්‍රිවිද හමුදා සාමාජිකයන් 4921 දෙනෙකු හමුදා කඳවුරු සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත බාර වී තිබේ.

ඒ නොදන්වා හමුදා සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයන් සඳහායි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියා සිටියේ යුද හමුදාවේ නිළධාරින් 6 ක් සහ සෙසු නිළයන් 3501ක්, නාවික හමුදා සාමාජිකයන් 571ක්, නාවික හමුදාවේ නිළධාරින් 6 ක් සහ සෙසු නිලයන් 849ක් මෙලෙස බාර වී ඇති බවයි.

72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත් කෙරු අතර මෙම පොදු සමා කාලය හෙටින් (12) අවසන් වෙයි.

Related posts

රුපියල් කෝටි 3ක කොල්ලය – CCTV

Mohamed Dilsad

රජයේ ප්‍රකාශන කාර්යාංශය ඇතුළු ආයතන කීපයක් තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී

Editor O

Leave a Comment