දේශීය

දිනකට පිළිකා රෝගීන් 64 ක් – වසරකට මරණ 14,013 ක්

(UTV | කොළඹ) –  ලෝක පිළිකා දිනය නිමිත්තෙන් අද (10) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය.

මේ සඳහා ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සහභාගී වූ අතර , පිළිකා මරණ පිළිබඳ එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබේ.

ලෝකයේ මරණ වලින් දෙවන ස්ථානය හිමි වන්නේ පිළිකා මරණ වලට බවත් , පිළිකා මරණ වලින් 1/3 ක් වළක්වා ගත හැකි බවත් එහිදී සඳහන් වී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කරන පරිදි ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 64 ක් වාර්තා වෙයි.

වසරකට පිළිකා රෝගීන් 23,530 දෙනෙක් වාර්තා වන අතර දිනකට 38 දෙනෙක් පිළිකා රෝගය හේතුවෙන් ලංකාවේ ජීවිතක්ෂයට පත්වෙයි.

මේ හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 14,013 ක් පමණ වෙයි.

Related posts

සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවක වර්ජනයක්

Mohamed Dilsad

රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

Editor O

Leave a Comment