දේශීය

යාපනය සරසවි කිළිනොච්චි මණ්ඩපය සිසුන් පිරිසකට තහනම්

(UTV | කොළඹ) – අද (10) සිට යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපය එහි සියලු ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනම් කලාපයක් බවට පත් කර තිබේ.

මෙම තහනම එම මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන්ට සිදුකල බව කියන ලිංගික හිංසන නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිදු කරන පරීක්ෂණ අවසන් වන තුරු පණවා ඇත.

සිද්ධියට සම්බන්ධ සිසුන් අට දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇති අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමට තොරතුරු ලබා දුනහොත් යළි විශ්ව විද්‍යාල භූමියට පැමිණිමට ඉඩ නොදෙන බවට සදහන් කරමින් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට තර්ජනය කර තිබේ.

Related posts

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වේ

Mohamed Dilsad

අමෙරිකාවෙන් ලංකාවට තවත් කොවිඩ් එන්නත් තොගයක්

Mohamed Dilsad

Leave a Comment